Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

ආයුබෝවන්..!

Department of Social Welfare, Probation and Child Care Services Logoශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව  වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු..

ශ්‍රී ලංකාවේ පළාත් සභා ක‍්‍රමය 1987 ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලදි. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ කටයුතු 1988 ජූලි මස 14 වන දින ආරම්භ කරන ලදි. මධ්‍යම පළාත් බල ප‍්‍රදේශය මහනුවර, මාතලේ, නුවරඑළිය යන පරිපාලන දිස්ති‍්‍රක්ක 3 කින් සමන්විත වේ. මධ්‍යම පළාතේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප‍්‍රධාන ජන වර්ග 3හි නියෝජිතයන් පනස් අට දෙනෙකුගෙන් මධ්‍යම පළාත් සභාව සමන්විත වේ.

පාර්ලිමේන්තුව සඳහා වෙන් කරන ලද කටයුතු හා විෂයන් II වන ලැයිස්තුව වන සංවෘත ලැයිස්තුවෙහි සඳහන් වන අතර, පාර්ලිමේන්තුවෙන් සහ පළාත් සභාවෙන් සිදු කළ හැකි විෂයයන් හා කටයුතු III වන ලැයිස්තුවෙහි දක්වා ඇති අතර, එම ලැයිස්තුව සමගාමී ලැයිස්තුව ලෙස හැඳින්වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව පළාත් සභා ලැයිස්තුවෙහි අන්තර්ගත විෂයයන් ඔස්සේ මධ්‍යම පළාතට යෝග්‍යවන්නා වු කරුණු සම්බන්ධව ප‍්‍රඥප්ති සකස් කිරීමේ බලය පළාත් සභාව සතු වුව ද, සංවෘත ලැයිස්තුවෙහි අන්තර්ගත විෂයයන් පිළිබඳව කටයුතු, මධ්‍යම රජය විසින් සිදුකරනු ලබයිx සමගාමි ලැයිස්තුවෙහි අන්තර්ගත විෂයයන් පිළිබඳව අන්‍යෝන්‍ය උපදෙස් මත නීති සැකසීමේ බලය පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට එකසේ හිමිවේx 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, එසේ සැකසෙන ප‍්‍රඥප්ති මධ්‍යම පළාත් සභාවේ සම්මත වීමෙන් අනතුරුව ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලැබීමෙන් පසු මධ්‍යම පළාතේ නීතිය බවට පත්වේx එසේම 1987 පළාත් සභා පනතේ අංක 42 විධිවිධාන අනුව, පළාත් මූල්‍ය බලතල ආණ්ඩුකාරතුමා වෙත පැවරේ.


Our Visionඅපගේ දැක්ම

අවාසි සහගත ප්‍රජාව උදෙසා ආරක්ෂිත හා රැකවරණය සපිරි සමාජයක්...


Our Mission

අපගේ මෙහෙවර

ළමා කාලය ඵලදායීව  හා සුරක්ෂිතව ගතකිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමත් කායික, මානසික හා සාමාජීය වශයෙන් අවාසි සහගත තත්ත්වයන්ට පත් වූ ජනතාව සමාජසංවර්ධනයට දායක කරවීමට අවශ්‍ය මූල්‍ය, භෞතික හා තාක්ෂණික සහාය සාධාරණත්වයෙන් හා සමානාත්මතාවයෙන් සැලසීම.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

Visit Government Information Center - Sri Lanka


 ළමා අපචාර හෝ නොතකා හැරීම් වාර්තා කරන්න

ළමා අපචාර හෝ නොතකා හැරීම් වාර්තා කරන්න

<< අමතන්න 1929 >>

පුවත් සහ සිදුවීම්

children's day ලෝක ළමාදිනය සැමරුම වෙනුවෙන් සංවිධානය කළ  මධ්‍යම පළාත් උත්සවය 2016 ඔක්තෝබර් මස 03 දින මාතලේදී පැවැත්විනි.

 

 


 

Elders day 2016 ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම වෙනුවෙන් ජාතික උත්සවය ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව ඔක්තොම්බර් 01 දින පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

 

 

 

 

 

 

පරිපාලනය

s b Yalegamaවිෂයභාර  අමාත්‍යතුමා
ගරු බන්දුල එස්. බී.යාලෙගම මැතිතුමා



B M Nimal Balasooriyaලේකම්
බී.එම්.නිමල් බාලසූරිය මහතා



ඩී. එම්. සී. සී. කේ. ගුණරත්නකොමසාරිස්
ඩී. එම්. සී. සී. කේ. ගුණරත්න මහත්මිය



 සහකාර කොමසාරිස්  (සමාජසේවා)
 ඊ.එම්.චන්ද්‍රකාන්ති මහත්මිය

 සහකාර කොමසාරිස්  ( පරිවාස)
 අයෝමි දූල්වල මහත්මිය

 සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
 රේණුකා නුගදණ්ඩගේ  මහත්මිය

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අප වෙත පැමිණෙන්න

Reach usඅංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව

Joomla template by Joomlashine.com